
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 20 වන සංශෝධනය යටතේ මෙරට මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල කර ඇති බලපෑම දැඩිව හෙලා දකින බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ කැමැ.ත්ත මත පත්කෙරෙන මැතිවරණ කොමිසමක ඇති ස්වාධිනත්වය පිළිබද බරපතල ගැටළු මතුවන බවයි.
මේ යටතේ මැතිවරණ පැවැත්වීමේ බලය පාලක පක්ෂය සතු අත්තනෝමතික බලයක් වන අතර මෙම ක්‍රමවේදය මඟින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබදව අපේක්ෂා තබාගැනීම සිහිනයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි. මෙම සංශෝධනයේ දැක්වෙන ආකාරයට මැතිවරණ කොමසාරිස් වරයා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොවන අතර මැතිවරණ ක්‍රමය පිළිබඳව කිසිදු දැනුමක් නැති ඔ්නෑම පුරවැසියෙකු මෙම තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසමට හැකිවනු ඇත. මෙය මෙරට මැතිවරණ ක්‍රමවේදයේ අපක්ෂපාතීත්වය අවසන් කෙරෙන ක්‍රියාදාමයක් බව සුරංගි ආරියවංශ මහත්මියගේ අදහසයි. පවතින මැතිවරණ කොමිසමේ ස්වාධිනත්වය නිසාම පැවති මැතිවරන සියල්ලම පාහේ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය අවකාශය සැලසුන බවත් පවතින රජයට බයට පත්වීමට පවා හැකිවූයේ එම නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලිය නිසා බවද ඇය සඳහන් කරයි. රජය විසින් සිදු කළ යුතුව තිබුනේ මෙරට මැතිවරණ නීති රීති සහ මැතිවරණ ක්‍රමය විධිමත් කිරීම වුවද ඒ් වෙනුවට කොමිසමේ බලය පක්ෂයක් යටතට පත්කර ගැනීම කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී සමාජයක් විසින් අනුමත නොකරන බව ද ඇය කියා සිටියේය.


