බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහන අද පෙරවරුවේ කිලිනොච්චියේදී පැවැත්විණි. කිලිනොච්චිය සෝලයිවනම් හෝටලයේ පැවති මෙම වැඩසටහන සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් රැසක් එක්ව සිටියහ.


මෙහිදී ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව සහ මාධ්‍ය හමුවේ පෙනී සිටීම මෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම ආදී කරුණු පිලිබඳව දැනුවත් කිරීම සිදුකෙරිණ. එම දැනුවත් කිරීම බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ප්රවිණ මාධ්‍යවේදී ජයරන්ජන් යෝගරාජ් මහතා විසින් සිදු කළ අතර කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳ කරුනු පැහැදිලි කළේය.
කිලිනොච්චිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ජී.එම් ඥාණතයිලන් මහතා සහ චාවකච්චේරි ප්‍රාදේශිය සභාවේ උප සභාපති එස් මයුරන් යන මහත්වරුන් මෙන්ම සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්තාවට සහභාගි විය.





