CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” වැඩසටහනට ගාල්ලේදී උණුසුම් ප්‍රතිචාර

News     February 19, 2022

බිම් මට්ටමේ කාන්තා නායිකාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිත වරියන්ගේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිනියන්ගේ උණුසුම් ප්‍රතිචාර හිමිවෙයි. ගාල්ල මිනාරා හොටලයේදී පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතවරියන් සහ සිවිල් ක්‍රියාකාරිනියන් රැසක් එක්ව සිටියහ.

මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක විසින් පවත්වනු ලැබීය. බිම් මට්ටමේ ක්‍රියාකාරී කාන්තාවන්ට ඩිජිටල් සාක්ෂරතාවයේ අවශයතාව පිලිබදව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අදහස් දැක්විය. ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි විය. කැෆේ සංවිධානයේ දකුණු පළාත් සම්බන්ධිකාරක ප්‍රේමබන්ධු ජයතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.