CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” මාතර ට

News     February 20, 2022

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහන අද පස්වරුවේ මාතරදී පැවැත්විණ. මාතර හක්මණ පාරේ සරසි හෝටලයේ පැවති මෙම වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිණියන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී බිම් මට්ටමේ නායිකාවන්ට ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කරමින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා විසිනි. හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර මහතාද මෙහිදී වැඩමුළුව ඇමතූ අතර කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා විසින් වැඩසටහනේ අරමුනු හා අපේක්ෂා පිළිබඳ කරුනු පැහැදිලි කළේය. කැෆේ සංවිධානයේ දකුණු පළාත් සම්බන්ධිකාරක ප්‍රේමබන්ධු ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුලුව පැවැත්විණ.