බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහනේ පළමු අදියර යටතේ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන අද ත්‍රිකුණාමලය උප්පුවේලි පිහිටි ග්‍රීන් ගාඩන් හෝටලයේදී පැවැත්විණ.


මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් රැසක් සහභාගි වූ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිනියන් රැසක් ද සහභාගි විය. මෙහිදී ප්‍රධාන දේශණය පවත්වනු ලැබෙුවේ විධියල් නිවුස් හි අධ්යක්ෂ රිෆ්ති අලි මහතා විසිනි. බිම් මට්ටමේ නායිකාවන් සඳහා ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මහතා විසින් පැහැදිලි කර දුන්නේය.



නැගෙනහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් එන්. මනිවනන් මහතා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස් සුදාහරන් යන මහත්වරුන් මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි විය. කැෆේ සංවිධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමබන්ධීකාරක ආර්. එම් රාෆිල් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.




