CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” දෙවන අදියර මාතරින් ඇරඹෙයි

News     June 9, 2022

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීමේඅරමුණින් කැෆේ සංවිධානය මෙහෙ වන “ජනනි” වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද පෙරවරුවේ මාතරදී ඇරඹිණ.

මාතර හක්මන පාරේ සරසි උත්සව ශාලාවේදී පැවැති මෙමවැඩමුළුවට බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ Hi TV ආයතනයේ ප්‍රධාන සංස්කාරක වරයා වන ප්‍රවීන මාධ්‍යවේදී හරීන්ද්‍ර නිශ්ශංක මහතා සහභාගි විය.

මෙම වැඩමුලුවට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් ද පැවති අතර එහිදී වැඩමුලුවට සහභාගි වූ කාන්තාවන්ට මාධ්‍ය සාකච්ඡා සදහා සහභාගි වීම පිලිබදව ප්‍රායෝගික පුහුණුවක්ද ලබාගැනීමට හැකියාව ලැබිණ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කලේ කැෆේ සංවිධානයේ දකුණු පළාත් සංවිධායක ප්‍රේමබන්ධු ජයතිලක මහතා සහ ජනනි වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරිය වන සුජීවා දමයන්ති විසිනි.