බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීමේඅරමුණින් කැෆේ සංවිධානය මෙහෙ වන “ජනනි” වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන හම්බන්තොට දී පැවැත්විණ.
හම්බන්තොට ලේවාය පාරේ ජේඩ් ග්‍රීන් හෝටලයේදී පැවැති මෙම වැඩමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.
මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා සහ Hi TV ආයතනයේ ප්‍රධාන සංස්කාරක වරයා වන ප්‍රවීන මාධ්‍යවේදී හරීන්ද්‍ර නිශ්ශංක මහතා සහභාගි විය.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කලේ කැෆේ සංවිධානයේ දකුණු පළාත් සංවිධායක ප්‍රේමබන්ධු ජයතිලක මහතා සහ ජනනි වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරිය වන මෙලනි හරීන් මහත්මිය විසිනි.








