CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි ” දෙවන අදියර කෑගල්ලට

News     June 26, 2022

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙ වන “ජනනි” වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පෙරවරුවේ කෑගල්ලේ දී පැවැත්විණ.

කෑගල්ල අඹසෙවණ හෝටලයේදී පැවැති මෙම වැඩමුළුවට කැගල්ල දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ Hi TV ආයතනයේ ප්‍රධාන සංස්කාරක වරයා වන ප්‍රවීන මාධ්‍යවේදී හරීන්ද්‍ර නිශ්ශංක මහතා සහභාගි විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කලේ ජනනි වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරිය වන ඉන්ද්‍රානි ලේකම්ගේ මහත්මිය විසිනි.