බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙ වන “ජනනි” වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පෙරවරුවේ බදුල්ලේ දී පැවැත්විණ.
බදුල්ල රිවර්සයිඩ් හෝටලයේදී පැවැති මෙම වැඩමුළුවට බදුල්ල දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.
මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ Hi TV ආයතනයේ ප්‍රධාන සංස්කාරක වරයා වන ප්‍රවීන මාධ්‍යවේදී හරීන්ද්‍ර නිශ්ශංක මහතා සහභාගි විය.
ජනමාධ්‍යවේදිනි කමලවර්ෂි කනගරත්නම් මෙනවියද මෙම අවස්ථාවට එක් විය.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කලේ කැෆේ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක වී. සුදාහරන් විසිනි.








