CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” දෙවන අදියර ත්‍රිකුණාමලයට

News, Ongoing Projects     December 7, 2022

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙ වන “ජනනි” වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන ත්‍රිකුණාමලය ස්වාරකා හෝටලයේදී පැවැත්විණ.

මෙම වැඩමුළුවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ මාධ්‍යවේදිනියක සහ මාධ්‍ය පුහුණුකාරිනියක වන කලාවර්ෂි කනගරත්නම් මෙනවිය සහභාගි විය.

මෙම වැඩමුලුව සංවිධානය කලේ කැෆේ සංවිධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක ආර් එම් රාෆිල් මහතා විසිනි.