CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” තුන්වන අදියර දකුණු පළාතට

News, Ongoing Projects     February 3, 2023

කැෆේ සංවිධානය විසින් මෙහෙය වන “ජනනි” වැඩසටහන් මාලාවේ තුන්වන අදියරේ වැඩසටහන බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ගාල්ලේ The Pub හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම වැඩමුළුවට ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ නීති ප්‍රධානී හරේන්ද්‍ර බානගල මහතා සහභාගි විය.

මෙම වැඩමුලුව සංවිධානය කලේ කැෆේ සංවිධානයේ දකුණු පළාත් සංවිධායක ඩබ්ලිව්. ජයතිලක මහතා විසිනි.