CaFFE - Campaign for Free and Fair Election
 

ඩිජිටල් සාක්ෂරතාවය සමඟින් “ජනනි” වැඩසටහන කෑගල්ලට

News, Ongoing Projects     February 6, 2023

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය විසින් මෙහෙය වන “ජනනි” වැඩසටහන් මාලාවේ තෙවන අදියරේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 23 වන දින පැවැත්විණ.

කෑගල්ල අඹසෙවන හෝටලයේදී පැවැති මෙම වැඩමුළුවට කෑගල්ල දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශක ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහභාගි විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කරනු ලැබුවේ කැෆේ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ජිනේන්ද්‍ර ඉන්ද්‍රසෝම මහතා විසිනි.