CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” තුන්වන අදියරින් මන්නාරමට

News, Ongoing Projects     February 7, 2023

කැෆේ සංවිධානය මෙහෙය වන “ජනනි” වැඩසටහන් මාලාවේ තුන්වන අදියරේ මන්නාරම් දිස්ත්‍රික් වැඩසටහන පසුගිය ජනවාරි 28වන දින මන්නාරම් නගර සභා ශාලාවේදී පැවැත්විණ.

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුවට මන්නාරම් දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මෙන්ම චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්. මයුරන් මහතාද සහභාගී විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කළේ ජනනි වැඩසටහනේ මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකාරක වන ජේ විජේකුමාර් මහතා විසිනි.