CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” තුන්වන අදියරෙහි තවත් පියවරක් කිලිනොච්චි , මුලතිව්, වව්නියා දිස්ත්‍රික්වලට

News, Ongoing Projects     February 7, 2023

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය විසින් මෙහෙය වන “ජනනි” වැඩසටහන් මාලාවේ තෙවන අදියරේ තවත් එක් වැඩසටහනක් කිලිනොච්චි, වව්නියා හා මුලතිව් දිස්ත්‍රික් ආවරණය කරමින් පසුගිය 29 වන දින පැවැත්විණ.

කිලිනොච්චි සමූපකාර ශාලාවේදිී පැවැති මෙම වැඩමුළුවට එම දිස්ත්‍රික් තුනෙහිම බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූහ.

මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයින් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්. මයුරන් මහතාද සහභාගි විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කරනු ලැබුවේ කැෆේ සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායක මනෝරාජ් මහතා විසිනි.