CaFFE - Campaign for Free and Fair Election
 

කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ‘ජනනි’ වැඩසටහන යාපනයට

News, Ongoing Projects     February 16, 2023

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය විසින් මෙහෙය වන “ජනනි” වැඩසටහන් මාලාවේ තෙවන අදියරේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 29 වන දින යාපනය මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන් රැසක් මෙන්ම සිවිල් සංවිධාන නායිකාවන් රැසක් ද සහභාගි වූ මෙම වැඩමුලුවෙහි ආරාධිත දේශකයන් ලෙස , ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සහ චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ උප සභාපති එස්.මයුරන් මහතා සහභාගි විය.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුලුව සංවිධානය කරනු ලැබුවේ කැෆේ සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක එස් තිනේෂ් මහතා විසිනි.