CaFFE - Campaign for Free and Fair Election
 

මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් පහසුකම් නෑ – මැතිවරණ කොමිසම පවසයි

News, Uncategorized     February 20, 2023

එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා ගැනීම, මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලබාදිය යුතු ආරක්ෂාව ලබා ගැනීම, මැතිවරණය සඳහා අවශ්‍ය වාහන, ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාගැනීම ඇතුලු තවත් අසීරුතා රැසක් පැන නැගී ඇති බැවින් මැතිවරණය පැවැත්වීමට අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිසම මෝසමක් මඟින් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් ‍දී ඇත.