CaFFE - Campaign for Free and Fair Election
 

මැතිවරණය පැවැත්වීම කල්දමන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා

News, Uncategorized     February 20, 2023

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන්නැයි ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම මෝසමක් මඟින් කඩිනමින් කැඳවීමට අවශ්‍ය නොවන බව පෙත්සම්කාර පාර් ශවය අද (20) දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම එළඹෙන 22, 23, 24 යන දිනයන්හි සිදුකිරීමට නියමිතව තිබූ බැවින් මෙම පෙත්සම මෝසමක් මඟින් කඩිනමින් කැඳවීමට ඉල්ලා සිටි නමුත් මේ වනවිට එම තැපැල් ඡන්ද විමසීම කල්දමා ඇති බැවින් පෙත්සම කලින් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙත්සම්කාර පාර් ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම පෙර නියම කළ පරිදි 23 වනදාම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.