CaFFE - Campaign for Free and Fair Election
 

මාධ්‍ය නිවේදනයයිඑ.ජා.ප මහ ලේකම් ගේ ප්‍රකාශය ට කැෆේ දැඩි විරෝධය

News, Uncategorized     May 30, 2024

මැතිවරණ කල දැමීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලත රංගේ බණ්ඩාර විසින් සිදුකරන ලද ප්‍රකාශය කැෆේ සංවිධානය, දැඩි විරෝධය ප්‍රකාශ කර සිටිමු.

විශේෂයෙන් ජනසම්මතවාදය ක්‍රියාත්මක වන රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයින් තෝරා ගැනීම සදහා නිසි කලට නිසි පරිදි නිදහස් හා සාධාරණ ලෙස මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් වන අතර, එසේ නොකර සිටීම හා/හෝ නොකර සිටින බව හැගවීම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී වේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි මහ මැතිවරණය හා ජනාධීපතිවරණය වසර දෙකකින් කල් දැමීම පාර්ලිමේන්තු යොජනාවක් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු වන හෙයින් එය අතිරේක තත්වයක් නිර්මාණය කරනු විනා ලේකම්වරයා අදහස් කරන ප්‍රස්තුත කාරණයට පිළීයමක් නොවන බව සදහන් කළ යුතුය.

තවද දැනටමත් රජය විසින් අන්තනෝමතික ලෙස පළාත් සභා මැතිවරණය කල්දමා ඇති අතර, පළාත් පාලන මැතිවරනයද නාම යෝජනා කැදවා, මුලික කටයුතු ආරම්භ කර ඒ සදහා රැපියල් කෝටි 94කට ආසන්න ප්‍රමාණයක් වියදම් කර එකී මැතිවරණයද නොපවත්වමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරමින් සිටී.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූළව නිසි පරිදි නියමිත කාලසීමාව තුළ අදාළ මැතිවරණ පැවත්වීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ගෙන් කැෆේ සංවිධානය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින අතර එකී මැතිවරණ පැවත්වීමත්, එකි මැතිවරණ වල නිදහස් හා සාධාරණ තත්වය පිළිබදවත් අප සංවිධානය ඉතාම සංවේදිව නිරික්ෂණ කරමින් සිටින බව අවධාරණය කරන්නෙමු.

සුරංගි ආරියවංශ
අධ්‍යක්ශිකා
කැෆේ සංවිධානය