බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහන අද පෙරවරුවේ හම්බන්තොටදී පැවැත්විණි. හම්බන්තොට තිස්ස පාරේ ජේඩ් ග්‍රීන් රෙසොර්ට් හිදී පැවති මෙම වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් සහ කාන්තා දේශපාලන ක්‍රියාකාරිකාවන් රැසක් එක්ව සිටියහ. මෙහිදී ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව සහ මාධ්‍ය හමුවේ පෙනී සිටීම මෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම ආදී කරුණු පිලිබඳව එම පළාත් පාලන නියෝජිත වරියන් දැනුවත් කිරීම සිදුකෙරිණ.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතා විසිනි. හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් රවින්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා ද මෙම අවස්ථාවට එක්වූ අතර කාන්තාවක් සමාජ මාධ්‍ය හමුවේ මුහුණ දෙන අභියෝග සහ මෙම වැඩසටහනෙහි අවශතාව පිළිබඳව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වීය. කැෆේ සංවිධානයේ දකුණු පළාත් සම්බන්ධිකාරක ප්‍රේමබන්දු ජයතිලක මහතාද මෙම අවස්තාවට සහභාගි විය.




