CaFFE - Campaign for Free and Fair Election
 

මඩකලපුවේ කාන්තා නායිකාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවෙයි

News     February 26, 2022

බිම් මට්ටමේ දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි” වැඩසටහනේ පළමු අදියර යටතේ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන අද මඩකලපුව ඒ්රාවුර් නගර සභා ගොඩනැගිල්ලේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් රැසක් සහභාගි වූ අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිනියන් රැසක් ද සහභාගි විය. මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ කරුණාකරන් මහතා සහ සහකාර මැතිවරණ කොමසාරිස් එම් බී එම් සුෆියාන් මහතා සහභාගි විය. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ප්‍රවිණ මාධ්‍යවේදී ජයරන්ජන් යෝගරාජ් මහතා සහ විධියල් ප්‍රවෘත්ති කතෘ රිෆ්ති අලි මහතා සහහාගි විය. බිම් මට්ටමේ නායිකාවන් සඳහා ඩිජිටල් සාක්ෂරතාවයේ අවශ්‍යතාව පිළිබඳව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා විසින් පැහැදිලි කර දුන්නේය. කැෆේ සංවිධානයේ සම සම්බන්ධීකාරක අල්හාජ් මීරා සාහිබ් මහතාද මෙම අවස්ථාවට සහභාගි විය. වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් සංවිධායිකා කාමිලා බේගම් විසිනි.