CaFFE - Campaign for Free and Fair Election
 

“ජනනි” රත්නපුරයට

News     March 5, 2022

බිම් මට්ටමේ කාන්තා නායිකාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීමේ අරමුණින් කැෆේ සංවිධානය මෙහෙයවන “ජනනි”  වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන රත්නපුර සමන් දේවාල විශ්‍රාම ශාලාවේ දී පැවැත්විණ.

මෙම වැඩසටහන සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරියන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීනියන් රැසක් සහභාගි  විය.  රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහවත්ත මහතා මෙම වැඩසටහනෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. මෙම  වැඩමුළුවේ ප්‍රධාන දේශනය ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක විසින් පවත්වනු ලැබීය. මීට අමතරව යෙහෙලිය පදනමේ නිර්මාතෘ නීතිඥ නවුශල්‍යා රාජපක්ෂ මෙනවියද මෙහිදී දේශනයක් පැවැත්විය. බිම් මට්ටමේ ක්‍රියාකාරී කාන්තාවන්ට ඩිජිටල් සාක්ෂරතාවයේ අවශයතාව පිලිබදව කැෆේ සංවිධානයේ විධායක  අධ්‍යක්ෂ  අහමඩ් මනාස්  මකීන් මහතා අදහස් දැක්විය.

කැෆේ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක චමින්ද පියරත්න මහතා මෙම වැඩසටහන සංවිධානය කලේය.